මෙල්බන්හි තරුණයන්ට තහනම් ආයුධ ලැබෙන හැටි හෙළිවෙයි

මෙල්බර්න්හි ගිනිකොණ දිග ප්‍රදේශයේ තරුණ පිරිස් සදහා ආයුධ අලෙවි කළ බවට කියන පුද්ගලයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

52 හැවිරිදි සැකකරු චෝදනා 150කට වරදකරු වී ඇති අතර ඔහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දී නීතිවිරෝධී ආයුධ 400කට වැඩි ප්‍රමාණයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තුවක්කු, පිහි, පොරෝ, කඩු ඇතුළු ආයුධ රැසක් ඒ අතර වනවා.

නීතිවිරෝධී දුම්වැටි පෙට්ටි 111ක් , අයිස් සහ ගංජා ද වැඩිදුර සෝදිසි කිරීම්වලදී සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.

ඩොලර් 461,000ක් වටිනා ඊ දුම්වැටි තොගයක් ද සොයාගෙන ඇති අතර තහනම් ආයුධ සන්තකයේ තබා ගැනීමේ චෝදනා 97ක් ඇතුලු තවත් චෝදනා රැසකට ඔහු වරදකරු වී තිබෙනවා.

මෙල්බන්හි විවිධ නිති විරෝධී කටයුතු සඳහා සහභාගී වන තරුණ කල්ලි සදහා මෙම ආයුධ අලෙවි කර ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති අතර පොලිසිය එම තරුණ කල්ලි සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ද සඳහන්.

තවද මෙහෙයුම් අතරතුර තරුණ කල්ලි සාමාජිකයින් 387 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විමර්ශන සිදු කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන ජූලි 16 වනදා ඩැන්ඩෙනොං මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »