මෙල්බන් බාලිකා පාසලකින් සිසුවියන් පිරිසකට අසාධාරණයක්

මෙල්බර්න්හි බාලිකා පාසැලක සිසුන්ගේ සමේ පැහැය හේතුවෙන් ඔවුන් පාසල් ඡායාරූපවලින් ඉවත් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

සිසුවියන්ගේ සමේ වර්ණය සහ ආගම නිසා ඔවුන් වෙන් කර සැලකීම සම්බන්ධයෙන් දෙමාපියන් අධ්‍යාපනය බලධාරීන් වෙත පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.

දෙමාපියන් පෙන්වා දෙන්නේ මෙල්බර්න් හි උසස් පාසලක මේ වසරේ ලබාගත් සමුහ ඡායාරූපවලින් තලෙලු පැහැයට හුරු දරුවන් ඉවත් කර ඇති බවයි.

එමෙන්ම හිජාබ් පැළඳ සිටි මුස්ලිම් ගැහැණු ළමයින්ට එම ඇඳුම් ඉවත් කරන ලෙසට ද නියෝග කර ඇති බවයි පැවසෙන්නේ.

සිසුවියන් පිරිසකගේ සමේ වර්ණය නිසා ඉවත් කර ඇති අතර අනෙක් අයට ඔවුන්ගේ සහෝදර සහෝදරියන් සමඟ ඡායාරූපයක් ගැනීමට ද ඉඩ නොදුන් බවයි දෙමාපියන් පවසන්නේ.

White Australia ප්‍රතිපත්තියට නැවත පැමිණ ඇති බවට දෙමව්පියන් පාසලට චෝදනා ඉදිරිපත් කර තිබෙනවා.

වික්ටෝරියා අධ්‍යාපන දෙපාර්තමේන්තුව පාසල වෙනුවෙන් එම චෝදනා ප්‍රතික්ෂේප කර නිවේදනයක් නිකුත් කළ ද ඒ පිළිබද වැඩිදුර විමර්ශන පවත්වන බවයි සඳහන් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »

ඩොලර් මිලියන ගණනක ලොතරැයි ජයක් නිසා ජයග්‍රාහිකාවට කම්පනයක්

ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

Read More »

ළමයින් අතර පැතිර යන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනයට රජය ගත් තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »