ලෝක සෞඛ්‍ය සමුළුවේ රැස්වීමක් මෙල්බර්න් නගරයට

ලෝක සෞඛ්‍ය සමුළුවේ කලාපීය රැස්වීම ලබන 22 වනදා මෙල්බර්න් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

24 වනදා දක්වා කලාපීය රැස්වීම් පැවැත්වෙන අතර “ආසියාවේ සහ පැසිෆික් කලාපය පුරා සෞඛ්‍යයේ අනාගතය හැඩගස්වන්න” යන්න මෙවර තේමාවයි.

ගෝලීය සෞඛ්‍ය ප්‍රවර්ධනයට අදාළ සියලුම කලාපීය අංශවල පාර්ශවකරුවන් මීට සහභාගි වන අතර ලෝක සෞඛ්‍ය සමුළුවේ කලාපීය රැස්වීම ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.

තෙදින රැස්වීම සදහා මෙල්බර්න් හි මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් සත්කාරකත්වය සපයන අතර සැසිවාර 40කට අධික සංඛ්‍යාවක් සහ ලොව පුරා කථිකයන් 150ක් මේ සදහා සහභාගී වනු ඇති.

ආසියා පැසිෆික් කලාපයේ ගෝලීය සෞඛ්‍ය සහ සෞඛ්‍ය අසමානතා වැඩිදියුණු කිරීමේ උපාය මාර්ග ආමන්ත්‍රණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

ඊට අමතරව ස්වදේශික ජනයාගේ, කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා සෞඛ්‍ය සාධාරණත්වය සාක්ෂාත් කර ගැනීම සදහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ද ඊට ඇතුලත්.

තිරසාර සෞඛ්‍ය සේවා වෙත වේගවත්ව ගමන් කිරීම, සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංස්කරණය, මානසික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ප්‍රවර්ධනය කිරීම ද මෙහි අරමුණ වී තිබෙනවා.

පැරණි දැනගැනීමේ ක්‍රම සහ නව තාක්ෂණය හාගැටෙන විට AI හි බලපෑම ද නව තාක්ෂණය ලෝක සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කර යොදා ගැනීම ද මෙහි අරමුණ බවයි සඳහන් වන්නේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »