සිඩ්නි ප්‍රධාන උමං මාර්ගයක වේග සීමා වෙනස්වෙයි

සිඩ්නි හි කාර්යබහුලම වෙස්ට්කොනෙක්ස් (WestConnex) උමං මාර්ගයේ රථ වාහන ධාවන වේග සීමාව මෙම සති අන්තයේ වැඩි කර තිබෙනවා.

මේ අනුව අද එහි වේග සීමාව පැයට කිලෝමීටර් 80 සිට 90 දක්වා වැඩි කිරීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.

අදාළ වේග සීමාවන් උමගෙහි ඩිජිටල් සංඥා මත ප්‍රදර්ශනය කෙරෙනු ඇති.

හෝම්බුෂ් සහ බෙවර්ලි හිල්ස් අතර පවතින උමං මාර්ගයේ අන්තර් හුවමාරු වේග සීමාවන්වල කිසිදු වෙනසක් සිදු නොවන බව සඳහන්.

නිව් සවුත්වේල්ස් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂ ක්‍රෙයිග් මෝර්ගන් පැවසුවේ මාර්ගය සැලසුම් කර ඇත්තේ පැයට කිලෝමීටර 90ක වේග සීමාවක් සඳහා ආරක්ෂිතව ඉඩ සැලසෙන පරිදි බවයි.

ආරක්‍ෂිත පරීක්‍ෂාවන් සම්පූර්ණ කිරීමෙන් පසුව මෙය ක්‍රියාත්මක කළ හැකි වීම මෝටර් රථ හිමියන්ට විශිෂ්ට ප්‍රතිඵලයක් බව ද ඔහු සඳහන් කළා.

වේග සීමා සම්බන්ධයෙන් ජනතාවගේ ගැටළුවලට තමන් සවන්දෙන අතර ඒවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළ හැකි අවස්ථාවන්වලදී ඊට පිළියම් යොදන බවයි නිව් සවුත්වේල්ස් ප්‍රවාහන දෙපාර්තමේන්තුව කියාසිටියේ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »