දේවස්ථානයේ පිහි ඇනුමට අත්අඩංගුවට ගත් පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක්

සිඩ්නි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනිමේ සිද්ධිය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.

ඊයේ දහවල් ත්‍රස්ත මර්දන නිලධාරීන් විසින් සැකකාර පිරිමි ළමයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර පසුව ඔවුන් ඔහුට ත්‍රස්තවාදී ක්‍රියාවක් පිළිබඳ චෝදනා කළ බවයි නිව් සවුත්වේල්ස් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

සැකකාර තරුණයාට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර අද දිනයේදී ඔහු රෝහලේදී නඩු විභාගයකට මුහුණ දීමට නියමිතයි.

ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීමේ චෝදනාව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් වනවා.

කෙසේවෙතත් පිහි ප්‍රහාරයට ලක්වූ මාරි එමානුවෙල් බිෂොප්තුමා ප්‍රහාරයෙන් පසු ඔහුගේ පළමු පණිවිඩය මගින් ඊයේ කියා සිටියේ සැකකරු කවුරුන් වුව ද ඔහුට සමාව දෙන බවයි.

සැකකාර 16 හැවිරිදි පිරිමි ළමයා කළ පිහි ඇනුමෙන් 53 හැවිරිදි මාරි එමානුවෙල්ගේ හිසට සැලකිය යුතු තුවාල සිදුවී තිබුණා.

එම ප්‍රහාරය වැළක්වීමට උත්සාහ කළ අයිසැක් රොයෙල් පියතුමා ද උරහිසේ තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයකට ගෙන යාමට පෙර සැකකාර පිරිමි ළමයා රඳවාගෙන සිටියේ ද ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ බැතිමතුන් විසිනුයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »