සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

මුහම්මද් තාහා නම් ඔහු පිහිය අතැතිව සිටි ජොයෙල් කවුචි නම් ප්‍රහාරකයාට මුහුණ දුන් අවස්ථාවේ ලැබූ තුවාල හේතුවෙන් මේ වන විට රෝහල්ගතව සුවය ලබමින් සිටින බවයි පැවසෙන්නේ.

සෙනසුරාදා වෙස්ට්ෆීල්ඩ් සාප්පු සවාරි යන්නන් වෙත සැකකාර ප්‍රහාරකයා පැමිණීම වැලැක්වීමට ඔහු දැරූ වීරෝදාර ප්‍රයත්නය වෙනුවෙන් ප්‍රංශ ජාතිකයෙකු වූ ඩේමියන් ගුරෝට අගමැතිවරයා දැනටමත් පුරවැසිභාවය ලබා දී තිබෙනවා.

ඒ අනුව පකිස්ථාන ජාතික ටාහාගේ වීසා බලපත්‍ර ක්‍රියාවලිය අද අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බවයි අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කළේ.

තවමත් රෝහලේ තුවාලකරුවන් සමග අදහස් හුවමාරු කර ගත් අතර ඔවුන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද අගමැතිවරයා සඳහන් කළා.

මෙම පකිස්ථාන ජාතිකයා ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි තවත් පුද්ගලයෙක් වන අතර සේවය කරමින් සිටියදී ඔහු නොදන්නා ඕස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම සඳහා තම ජීවිතය පරදුවට තබා ඇති බවයි ඇන්තනි ඇල්බනිස් පෙන්වා දුන්නේ.

මේ අතර පිහි ඇනුමෙන් පසු වසා දැමුණු සාප්පු සංකීර්ණය වෙළඳ කටයුතු වෙනුවෙන් අද විවෘත කෙරෙනවා.

ඊයේ එම ආයතනය පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා විවෘත කර තිබුණේ සිද්ධියෙන් විපතට පත්වුවන්ට ගෞරව දැක්වීම වෙනුවෙන් ජනතාවට අවස්ථාව ලබාදීම සඳහායි.

එමෙන්ම පසුගිය 13 වනදා සිට අද දක්වා සාප්පු සංකීර්ණයේ වෙළඳසැල් හිමියන්ගෙන් කුලී මුදල් ලබා නොගන්නා බව ද වෙස්ට්ෆීල්ඩ් හිමිකරුවන් ප්‍රකාශකර තිබෙනවා.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »