Search

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව 2019 වසරේ සිට එම ධුරයේ කටයුතු කළ ඉන්දියාවේ පන්කජ් සිංහාගෙන් පසු කෞෂාලි සිය භූමිකාව ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

2024 අප්‍රේල් 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි Coca-Cola සමාගම විසින් කළ මෙම පත්වීමේ විශේෂත්වය වන්නේ, සමාගමේ එම තනතුරට ශ්‍රී ලාංකික කාන්තාවක් පත්කළ පළමු අවස්ථාව මෙය වීමයි.

කෞෂාලි කුසුමපාල 2009 වසරේ සිට ලියෝ බර්නෙට්, ෆොන්ටෙරා ඩේරි සහ ඩොමිනෝස් පීසා වැනි සංවිධාන සහ සන්නාම සමඟ සේවය කර විවිධ අත්දැකීම් ලැබූ අයෙක්.

එමෙන්ම හේමාස් ඉන්ටර්නැෂනල් හි අලෙවිකරණ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ ඇය වෙළඳපල ප්‍රවේශ උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළඳපල සංවර්ධනය සහ පුරෝගාමී අලෙවිකරණ මුලපිරීම් සඳහා දායක වී තිබෙනවා.

සිය පත්වීම පිළිබඳව සතුට පළ කරමින් කෞෂාලි පැවසුවේ, කොකාකෝලා සමඟින් මෙම ගමන ආරම්භ කිරීමට ලැබීමත්, Coca-Cola Beverages Sri Lanka සහ Male’ Aerated Water Company සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීව කටයුතු කිරීමට ලැබීම ගැනත් සතුටට පත්වන බවයි.

කෞෂාලි මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර එහිදී ඇය වාණිජවේදී උපාධිය ලබා ගෙන තිබෙනවා.

එමෙන්ම ප්‍රකට සන්නාම රැසක් සමඟ කැපී පෙනෙන වෘත්තීය සාර්ථකත්වයකට හිමිකම් කියන ඇය ක්ෂේත්‍රයේ දක්වා ඇති විශිෂ්ටත්වය උදෙසා කිහිප අවස්ථාවකදී ම සම්මානයෙන් පිදුම් ලැබූ අයෙක් ද වීම ද විශේෂත්වයක්.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »