වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa අපේක්ෂකයින්ට දැනුම්දීමක්

2024 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ නව Skilled Visa (ROI) අයදුම් කිරීමට ලබා දී ඇති කාලය ලබන 23 වනදා සවස 5ට අවසන් වීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා උනන්දුවක් දක්වන පිරිසට කඩිනමින් තම අයදුම්පත් යොමු කරන ලෙසයි ප්‍රාන්ත රජය දැනුම් දී ඇත්තේ.

2023-2024 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියා රජය විසින් වික්ටෝරියා ප්‍රාන්තයට Skilled Visa 3300ක් වෙන් කර තිබීම විශේෂත්වයක්.

එම වීසා අතර subclass විසා 2700ක් ඇතුලත් බව සඳහන්.

මේ සඳහා උනන්දුවක් දක්වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයින්ට මීට ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.

කෙසේවෙතත් 2023-2024 මූල්‍ය වර්ෂය තුළ ඉදිරිපත් කරන ලද වික්ටෝරියානු වීසා නාමයෝජනා ඇගයීම් (ROI) අඛණ්ඩව සිදු කරන බවයි ප්‍රාන්ත රජය ප්‍රකාශ කළේ.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »