Search

ඔස්ට්‍රේලියාවේ මනෝ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

මානසික සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා මැදිහත් වන්නැයි මනෝ වෛද්‍යවරුන් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පවතින ශ්‍රම බලකා හිඟය පියවන ලෙස රජයට බලකරමින් මනෝ වෛද්‍යවරුන් 500කට වැඩි පිරිසක් පසුගිය මාසයේ විවෘත ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබුණා.

මානසික සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ හිඟය හේතුවෙන් වෛද්‍යවරුන් පවා දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර ගුණාත්මක ප්‍රතාකාර සේවා ලබා දීම පවා නොහැකි වී ඇති බවයි පෙන්වා දී ඇත්තේ.

මෙමගින් මානසික රෝගීන් සඳහා ද දැඩි බලපැම් එල්ල වී ඇති බව සඳහන්.

බොන්ඩායි ජන්ෂන්හි පිහි ඇණුම් ප්‍රහාරයෙන් පසුව අගමැති ඇන්තනී ඇල්බනීස් ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවධානය යොමු කළ යුතු බව නිවේදනය කර තිබෙනවා.

විශේෂයෙන් මානසික සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ හිඟය හේතුවෙන් රෝගීන් බොහෝ කාලයක් පොරොත්තු ලේඛනයේ රැදී සිටිමට සිදුව ඇති බව සඳහන්.

සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මානසික රෝගී තත්වයක් අත්විඳින අතර සියලුම ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ මානසික රෝගී තත්වයක් අති විදින බවයි දැක්වෙන්නේ.

මේ හේතුවෙන් මානසික සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ පුරප්පාඩු කඩිනමින් පියවන ලෙස මානසික වෛද්‍යවරුන් ඉල්ලා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »