කුහුඹුවන් නිසා ඩොලර් බිලියන 22ක් වැය වීමේ අවදානමක්

2040 වසර වන විට Fire Ants නම් කුහුඹුවන් නිසා ඔස්ට්‍රේලියාවට ඩොලර් බිලියන 22ක් වැය විය හැකි බව නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

මෙම කුහුඹුවන් ඔස්ට්‍රේලියාවේ නරකම ආක්‍රමණශීලී පළිබෝධකයන්ගෙන් එකක් වන බවයි එමගින් පැහැදිලි වී ඇත්තේ.

රජය කුහුඹුවන්ගෙන් ඇති වන අවදානම නොසලකා හැර ඇති බවට ද එම පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා.

ඔවුන් පැවසුවේ රජය විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණය ඉදිරි වසර 15ක කාලයක් ගැන පමණක් සොයා බලා ඇති අතර කුහුඹුවන් 2035න් ඔබ්බට සිදු කළ හැකි වසරකට ඩොලර් බිලියන 2.5ක් වන හානිය නොසලකා හැර ඇති බවයි.

මෙම කුහුඹුවන්ගේ බලපෑම පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තු කමිටුවකින් ඉදිරිපත් කිරීමට දිනකට පෙර මෙම සොයාගැනීම් නිකුත් කර තිබෙනවා.

මානව සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, පරිසරය, යටිතල පහසුකම් සහ ප්‍රාදේශීය සේවකයින්ට ඇති බලපෑම ඇතුළුව ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වී ඇති කුහුඹුවන් පාලනයට අපේක්ෂිත පිරිවැය රජයේ විමර්ශනය යටතේ පරීක්ෂා කෙරෙනු ඇති.

ජාතික කුහුඹු මර්දන වැඩසටහන මගින් යෝජනා කර ඇති සැලසුම් රජය විසින් අනුගමනය කළ යුතු අතර එම පලිබෝධකයන් තුරන් කිරීම සඳහා වසරකට ඩොලර් මිලියන 300ක් පමණ වියදම් වනු ඇතැයි අපේක්ෂිතයි.

පර්යේෂණය මගින් පෙන්වා දෙන්නේ Fire Ants මුලිනුපුටා දැමීම සඳහා ආයෝජනය කරන සෑම ඩොලරයක් මගින්ම අනාගතයේදී ඩොලර් 3 සිට 9 දක්වා ප්රතිලාභ ලබා දෙන බවයි.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »