මෙල්බන් අවට වැඩිම නිවාස ඉල්ලුමක් සහිත කලාප හඳුනා ගැනේ

මෙල්බන් අගනගරයේ වැඩිම නිවාස ඉල්ලුමක් සහිත කාලාප හඳුනා ගැනීම සඳහා නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මෙල්බන්හි අභ්‍යන්තර ප්‍රදේශ 19ක් නියෝජනය වන පරිදි මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර නිවාස ඉල්ලුම හඳුනා ගැනීම සහ ඊට අදාළ නීති සංශෝධනය කිරීම මෙහි අරමුණ බව සඳහන්.

එම අධ්‍යයනය අනු මෙල්බන්හි වැඩිම නිවාස ඉල්ලුමක් සහිත පළාත් පාලන ප්‍රදේශය ලෙස බොරුන්ඩරා හඳුනාගෙන තිබෙනවා.

මෙල්බන්හි ඊසාන දෙසින් පිහිටි බන්යුලි ප්‍රදේශය දෙවන වැඩිම නිවාස ඉල්ලුමක් සහිත කලාපය ලෙස නම් කර ඇති අතර එහි නව නිවාස 3300ක් ඉදිකිරීමටයි සැළසුම් කර ඇත්තේ.

වයිට් හෝර්ස් කලාපයේ නව නිවාස 3000ක් ඉදිකිරීමට ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

සමස්තයක් ලෙස එම අධ්‍යයන වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ 2024-2025 මුල්‍ය වර්ෂය සඳහා මෙල්බන්හි වැඩි ඉල්ලුමක් සහිත කලාපවල නව නිවාස 40000ක් ගොඩනැගිය යුතු බවයි.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »