Search

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය ඉහළ යයි

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව මෙවර ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මාර්තු මාසයේ රැකියා 6600ක් අහිමි වීමෙන් පසු රැකියා විරහිතයන්ගේ අනුපාතය සියයට 3.7 සිට 3.8 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කළ නවතම වාර්තා අනුව විරැකියා අනුපාතය ඉදිරියේ දී සියයට 3.9ක් දක්වා වර්ධනය විය හැකි බව පුරෝකතනය කර තිබෙනවා.

රැකියා පුරප්පාඩු 7000කින් පමණ පහත වැටීමත් රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 21000 කින් ඉහළ යාමත් සමඟ විරැකියා අනුපාතය සියයට 3.8 දක්වා ඉහළ ගොස් තිබුණා.

නව රැකියා ආරම්භ කරන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමත් සමග ඉදිරියේ දී මෙම අගයෙහි වර්ධනයක් පෙන්නුම් කරන බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගතයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වැඩිම රැකියා විරහිතභාවයක් පෙන්නුම් කර ඇත්තේ 2023 වසරේ නොවැම්බර් වන අතර යළිත් එම අගය ක්‍රමයෙන් වර්ධනය වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »