
ගෝලීය සයිබර් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් 5 දෙනෙකු ෆෙඩරල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් පස් දෙනා ඔස්ට්‍රේලියානුවන් ඇතුළු ලොව පුරා වෙසෙන පුද්ගලයින් 95000ක ගේ පමණ පුද්ගලික තොරතුරු සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එම තොරතුරු සයිබර් අපරාධ සඳහා යොදා ගෙන ඇති අතර අපරාධකරුවන් විසින් භාවිතා කරන ලද සයිබර් අපරාධ වේදිකා පිළිබඳවද තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

ෆෙඩරල් පොලිසිය සහ ගෝලීය සයිබර් අපරාධ සෝදිසි කිරීම් එක්ව මෙම මෙහෙයුම් සිදු කර ඇති අතර සැකකරුවන් පස් දෙනාම ඔස්ට්‍රේලියානුවන් බවයි හෙළිවී ඇත්තේ.
මෙම සැකකරුවන් 5 දෙනා ගෝලීය වශයෙන් සිටින සයිබර් අපරාධකරුවන් 10000ක් අතුරින් ප්‍රමුඛයින් බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අන්තර්ජාල බැංකු ක්‍රෙඩිට් කාඩ් තොරතුරු සහ මුරපද වැනි පුද්ගලික තොරතුරු සොරකම් කරමින් මූල්‍යමය සයිබර් අපරාධ රැසක් සිදු කර ඇති බව සඳහන්.
මෙම සැකකරුවන් පස්දෙනාගෙන් දෙදෙනෙක් මෙල්බන් පදිංචිකරුවන් වන අතර ජාත්‍යන්තර නීතිය අනුව ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ඇති.