ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානයට බලපෑම් එල්ල කර ඇති දැවැන්ත සුළි කුණාටු හේතුවෙන් ඩුබායි ගුවන් තොටුපළ කටයුතුවලට දැඩි බාධා මතුවී තිබෙනවා.

ලොව දෙවන කාර්යබහුලතම ගුවන් තොටුපළේ ගුවන් ගමන්වලට බාධා මතුවී ඇති අතර ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ පවසන්නේ තමන් ඉතා අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දෙන බවයි.

ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බැවින් ඇතැම් මගීන්ට නොපැමිණෙන ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.

ජල ගැලීම් හේතුවෙන් පසුගිය ඉරිදා සිට මේ දක්වා ඕමානයේ මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ෆ්ලයිට් අවෙයාර් (Flight Aware) දත්තවලට අනුව සෑම මහාද්වීපයක්ම ගුවන් ගමන් මගින් සම්බන්ධ කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 290ක් පමණ අවලංගු කර තිබෙනවා.

තවත් ගුවන් ගමන් 440ක් ප්‍රමාද වී ඇති බවයි එම දත්ත පෙන්වා දෙන්නේ.

ගුවන් ගමන් අවලංගු වීම හමුවේ ගුවන්තොටුපළ තුළ දැඩි මගී තදබදයක් ද පවතින අතර පැමිණීමට පෙර ගුවන් ගමන් සම්බන්ධයෙන් විමසීම් කරන ලෙසට මගීන්ට දැනුම්දී තිබෙනවා.

පසුගිය වසරේ මිලියන 80කට අධික මගීන්ට සේවා සැපයූ ගුවන් තොටුපළ ඇමරිකා එක්සත් ජනපදයේ ඇට්ලන්ටා ගුවන් තොටුපොළට පමණක් දෙවැනි වන අතර මෙය යථා තත්ත්වයට පත්වීමට යම් කාලයක් ගතවනු ඇතැයි අනතුරු අඟවා ඇතැයි සඳහන්.

තවත් ගිගුරුම් සහිත වැසි, තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති අතර බොහෝ පහත් බිම් තවමත් ජලයෙන් යටවී ඇති බවට බලධාරීන් ප්‍රකාශ කළා.

ඕමානයේ උතුරින් පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වසර 75 කට පසු ලැබුණු විශාලතම වර්ෂාපතනය ලෙසටයි මෙය සැලකෙන්නේ.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය නිවේදනය කළේ පැය 24කට අඩු කාලයකදී අල්-අයින් කලාපයේ මිලිමීටර් 254.8ක වර්ෂාපතනයක් පතිත වී ඇති බවයි.

එරට සාමාන්‍යයෙන් වසරකට මිලිමීටර් 140-200 වර්ෂාපතනයක් ලැබෙන අතර ඩුබායි වෙත සාමාන්‍යයෙන් ලැබෙන්නේ මිලිමීටර් 97ක් පමණයි.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »