Search

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ විදේශයක සිට පැමිණි අයෙකු විය හැකි බවට පොලිසිය සැක කරන අතර ඔහුගේ දේහය පවුලේ අයට භාරදීමට සඳහායි මෙලෙස ජාත්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

පසුගිය 2023 වසරේ නොවැම්බර් මස 30 වනදා මරුචි ගඟේ පාලමක් යට මෙම මළ සිරුර පාවෙමින් තිබියදී සොයා ගත් අතර මෙතෙක් දේහය හඳුනාගෙන නැහැ.

අධිකරණ නියෝග මත දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මළ සිරුර සොයා ගැනීමට පෙර දින තුනක් හෝ පහක් අතර කාලයක් ජලයේ තිබෙන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති නමුත් මේ සම්බන්ධයෙන් පුළුල් සෝදිසි කිරීමක් සදහා ජාත්‍යන්තර පොලිසියේ සහය ඉල්ලීමට සන්ෂයින් කෝස්ට් පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය ගෝලීය පොලිස් සංවිධානය වන ඉන්ටර්පෝල් වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර රටවල් 196 කට අදාළ මල සිරුරේ DNA දත්ත බෙදා හැර ඇති බව ද සඳහන්.