
සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.
අධිකරණයට මුහුණ දීමෙන් පසු ලැබුණු නියෝග මත ඔහු යහපත් හැසිරීමක් ඇතිව සිටි බවයි සඳහන් වන්නේ.
ආරක්ෂක හේතූන් මත සැකකාර පිරිමි ළමයාගේ අනන්‍යතාවය හෙළි කර නැහැ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිඩ්නි දුම්රිය ස්ථානයකදී තවත් ළමයින් පිරිසක් සමග ඇති වූ සිද්ධියකින් පසු මෙම පිරිමි ළමයාට පිහියක් ළඟ තබා ගැනීම ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා.
ජනවාරි මාසයේ අධිකරණයට පැමිණෙන තෙක් ඔහු ඇප මත සිටි අතර එහිදී ඔහුගේ නඩුව නිෂ්ප්‍රභ කෙරුණේ යහපත් හැසිරීමකට යටත්වයි.

ඊයේ රාත්‍රී දේවස්ථානයේ එල්ල වූ ප්‍රහාරය පිළිබඳ ජනතාව තුළ කෙතරම් විශාල කෝපයක් ඇති කළේ ද යත්, පොලිසිය පැමිණෙන තෙක් සැකකාර තරුණයා ආරක්ෂාව සඳහා ගොඩනැගිල්ලක් තුළ රඳවා තැබීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
මාරි එම්මානුවෙල් රදගුරුතුමා අන්තර්ජාලයේ සජීවීව විකාශය වෙමින් පැවති දේශනාවක් කරමින් සිටි අතර එම අවස්ථාවේ පැමිණි 15 හැවිරිදි සැකකරු උන්වහන්සේට පිහියෙන් ඇන තිබුණා.
සැකකරු ද ඇඟිල්ලේ තුවාල හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
53 හැවිරිදි අයෙක් ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර 39 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියට මැදිහත් වීමට උත්සාහ කිරීමේදී කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති බවයි නිව් සවුත්වේල්ස් පොලිසිය ප්‍රකාශ කළේ.
සිදුවීමෙන් පසු පල්ලියෙන් පිටතදී ආගමික කණ්ඩායම් සාමාජිකයන් පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ද හටගෙන තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර තත්ත්වය පාලනය කිරීමට පොලිසියට පැය ගණනක් ගත වූ බව සඳහන්.