ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

මෙම තරගාවලිය පසුගිය අප්‍රේල් 12 වනදා සිට 14 වනදා දක්වා බ්‍රිස්බේන්හි පැවති අතර රටවල් 25ක් නියෝජනය කරමින් තරගකරුවන් මේ සඳහා සහභාගී වී තිබූ බවයි වාර්තා වන්නේ.

අංශ රැසක් නියෝජනය කරමින් විවිධ කාණ්ඩ යටතේ මෙම තරගාවලිය පැවැත් වූ අතර එහි ස්ටෝරි ටෙලින් අංශයෙන් නිශා පොල්හේන රන් පදක්කම ජයග්‍රහණය කර තිබෙනවා.

තම ජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ තරගාවලිය වඩාත් අභියෝගාත්මක වූ අතර සිඩ්නි සිට බ්‍රිස්බේන් වෙත පැමිණිම මෙන්ම එහි දේශගුණික තත්වයන් කේක් නිර්මාණයට වඩාත් අභියෝගාත්මක වූ බවයි.

විචිත්‍රවත් අංග සඳහා ප්‍රසිද්ධ “ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ්” කතාව අනුසාරයෙන් නිර්මාණය කළ නිශා පොල්හේනගේ කේක් නිර්මාණය නම් කර තිබුණේ (ඩවුන් ද රැබිට් හෝල් – ඇන් ඇලිස් ඇඩ්වෙන්චර්) “Down the Rabbit Hole – An Alice Adventure” ලෙසින්.

ඇලිස්ගේ වික්‍රමාන්විත ක්‍රියාකාරකම් සවිස්තරාත්මකව හා නිර්මාණශීලීව ග්‍රහණය කරගනිමින් කතාව විස්තර කිරීමට කේක් නිර්මාණය කර තිබුණා.

මෙය පෞද්ගලික ජයග්‍රහණයක් පමණක් නොව ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් තුළ කේක් අලංකරණයට ඇති හැකියාව පිළිබඳ ප්‍රබල සාක්ෂියක් බව ඇය පෙන්වා දෙනවා.

වෘත්තියෙන් ඉංජිනේරුවරියක් වන නිශා පොල්හේන පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ඇති අතර කේක් නිර්මාණය කිරීම වසර 5ක් තිස්සේ විනෝදාංශයක් ලෙස සිදු කරමින් සිටිනවා.

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉක්මන් ලාභ අපේක්ෂාවෙන් ආයෝජනය කරන ජනතාවට පොලිසියෙන් උපදෙසක්

ඩොලර් මිලියන 1.5ක ක්‍රිප්ටෝ කරන්සි (Crypto currency) මුදල් ආයෝජන වංචාවක් සම්බන්ධයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »