Search

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

ඔහුට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ලෙස තමා සාදරයෙන් ඇරයුම් කරන බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

ඉදිකිරීම් කම්කරුවෙක් වන ඩේමියන් ගුරෝට් නම් ප්‍රංශ ජාතිකයා පොලිස් නිලධාරිනිය පැමිණීමට පෙර සැකකරු පාලනය කිරීමට උත්සහ කර තිබූ ආකාරය වීඩියෝවල දැක්වෙනවා.

රටේ පුරවැසියෙකු නොවන කෙනෙකු අපරාධකරුගේ බලපෑම් නතර කිරීමට තැත් කළ අසාමාන්‍ය නිර්භීතකමට ස්තූතිවන්ත වන බව අගමැතිවරයා සඳහන් කළා.

මේ අතර පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරවයක් වශයෙන් සිඩ්නි ඔපෙරා හවුස් කළු පීත්ත පටියකින් ආලෝකමත් කර ඇති ආකාරයක් දක්නට ලැබුණා.

ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි සහ ඔහුගේ බිරිඳ ලින්ඩා හර්ලි ද සාප්පු මධ්‍යස්ථාන ප්‍රහාරයෙන් මියගිය හය දෙනාට ගෞරව කිරීමට එක්ව සිටි බව සඳහන්.

මේ අතර අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම සම්බන්ධ ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක අනුකමිටු රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ ඕතඩොක්ස් පල්ලියක බිෂොප්වරයෙකුට එල්ල වූ ප්‍රහාරය නිව් සවුත්වේල්ස් පොලිසිය විසින් හඳුන්වා දී ඇත්තේ ත්‍රස්තවාදී සිදුවීමක් ලෙසටයි.

අන්තර්ජාලය ඔස්සේ විකාශනය වෙමින් තිබූ දේව මෙහෙයක් අතරතුරදී එල්ල වූ ප්‍රහාරයෙන් මාරි එම්මානුවෙල් බිෂොප්වරයාගේ හිසට තුවාල සිදුවී තිබෙනවා.

53 හැවිරිදි පුද්ගලයෙකු ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර 39 හැවිරිදි පුද්ගලයෙකු ද සිද්ධියට මැදිහත් වීමට උත්සාහ කිරීමේදී කැපුම් තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »