සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුම ගැන තොරතුරු හෙළිවෙයි

සිඩ්නි හි නිරිතදිග ප්‍රදේශයේ දේවස්ථානයකදී බිෂොප්වරයෙකු ඇතුලු 4 දෙනෙකුට තුවාල සිදු වූ පිහි ඇනුම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිව් සවුත්වේල්ස් පොලිසිය පැවසුවේ පුද්ගලයින් ගණනාවකට පිහියෙන් ඇන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව රාත්‍රී 7.10ට පමණ එම ස්ථානයට පැමිණි බවයි.

50 හැවිරිදි පුද්ගලයෙකු තුවාල සහිතව ලිවර්පූල් රෝහලට ගෙන ගොස් ඇති අතර දෙඅත්වල තුවාල සහිත තවත් කිහිප දෙනෙකු රෝහල් ගත කිරීමට පෙර එම ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දී තිබුණා.

පිහි ඇනුමට ලක්වූ පුද්ගලයන් අතර සිඩ්නිහි බිෂොප්වරයෙකු වන මාරි එම්මානුවෙල් රදගුරු හිමිපාණන් ද බව සඳහන්.

තුවාල වූ පුද්ගලයින්ට ජීවිත අවදානමක් නොමැති අතර රෝහල වෙත ගෙන යාමට පෙර ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ බවයි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

විශාල පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

වේක්ලි ප්‍රදේශයේ ක්‍රයිස්ට් ද ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේදී මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බිෂොප්වරයා විසින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව දේව මෙහෙයක් සිදු කරමින් සිටි අවස්ථාවේදී යි.

නිව් සවුත්වේල්ස් පොලිසිය සඳහන් කළේ පිහි ඇනුම පිළිබඳ ලැබුණු තොරතුරු මත එම ස්ථානයට ගොස් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයෙකු මෙලෙස සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව සඳහන්.

කෙසේවෙතත් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිහි ඇනුම සිදු කළ පුද්ගලයා ද යන්න නිශ්චිතව අනාවරණ වී නැහැ.

අද මෙම පිහි ප්‍රහාරය එල්ල වූයේ සෙනසුරාදා පස්වරුවේ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩායි ජන්ෂන් හි සාප්පු සංකීර්ණයක දී පුද්ගලයෙකු කළ පිහි ඇනුමකින් හය දෙනෙකු ඝාතනය වී දින දෙකකට පසුවයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ආගමික ප්‍රජාවන් රැසක් මෙම පිහි ඇනුම හෙළා දැක ඇති අතර ඒ පිළිබඳ කනස්සල්ල මෙන්ම ශෝකය ද පළකර තිබෙනවා.

බිෂොප්වරයාට පිහියෙන් ඇනීම බිහිසුණු සහ කම්පනයට පත් කළ සිදුවීමක් වන අතර එය පිළිකුල් සහගත දෙයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙය ඔස්ට්‍රේලියාවේ දිව්‍ය පූජාවක් අතරතුර සිදු විය හැකි යැයි විශ්වාස කිරීමට නොහැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

පිහි ඇනුම සිදු වූ අවස්ථාවේ දේශනය පවත්වනු ලැබූ අති උතුම් මාරි එම්මානුවෙල් රදගුරු හිමිපාණන් ජනප්‍රිය වුව ද ඕතඩොක්ස් ප්‍රජාව අතර පවතින්නේ මතබේධාත්මක තත්වයක්.

2021 ජුනි මාසයේ කොරෝනා වෛරස් ව්‍යාප්ති සමයේ රට අගුලු දැමීම, ගමන් බිමන් සීමා කිරීම සහ එන්නත් ලබාදීම විවේචනය කිරීම හේතුවෙන් උන් වහන්සේ පිළිබඳ වැඩි අවධානයක් යොමු ව වුණා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »