බටහිර සිඩ්නිහි දේවස්ථානයක දේව මෙහෙයක් අතරතුර සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ආගමික නායකයෙකු ඇතුලු 4 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
අද රාත්‍රි වේක්ලි ප්‍රදේශයේ ක්‍රයිස්ට් ද ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේදී මෙම ප්‍රහාරය සිදුව ඇත්තේ බිෂොප්වරයෙකු විසින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව දේව මෙහෙයක් සිදු කරමින් සිටි අවස්ථාවේදී යි.
තුවාල ලැබූවන් අතර වයස අවුරුදු 60, 50, 30 සහ 20 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් වන බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
දේශනය පවත්වනු ලබන අති උතුම් මාරි එම්මානුවෙල් රදගුරු හිමිපාණන් ජනප්‍රිය වුව ද ඕතඩොක්ස් ප්‍රජාව අතර පවතින්නේ මතබේධාත්මක තත්වයක්.
2021 ජුනි මාසයේ කොරෝනා වෛරස් ව්‍යාප්ති සමයේ රට අගුලු දැමීම, ගමන් බිමන් සීමා කිරීම සහ එන්නත් විධාන විවේචනය කිරීම හේතුවෙන් උන් වහන්සේ පිළිබඳ වැඩි අවධානයක් යොමු ව වුණා.
නිව් සවුත්වේල්ස් පොලිසිය සඳහන් කළේ පිහි ඇනුම පිළිබඳ ලැබුණු තොරතුරු මත එම ස්ථානයට ගොස් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධිය වූ ස්ථානයේ සිටි පුද්ගලයෙකු මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බව සඳහන්.
කෙසේවෙතත් අත්අඩංගුවට ගෙන ඇත්තේ පිහි ඇනුම සිදු කළ පුද්ගලයා ද යන්න නිශ්චිතව අනාවරණ වී නැහැ.