Search

සුනඛයන්ටත් පහසුවෙන් යන්න විශේෂ ගුවන් සේවයක්

අමෙරිකානු සමාගමක් විසින් සුනඛයින් සඳහාම වෙන් වූ නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලබන මැයි මස 23 වැනිදා බාර්ක් එයාර් (BARK Air) නමින් සුනඛයින් සඳහාම වෙන් වූ මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සුනඛයින්ට සහ ඔවුන්ගේ හිමිකරුවන්ට සුවපහසු ගුවන් ගමනකට එක්වීමේ හැකියාව BARK Air විසින් සලසා දී තිබෙනවා.

නිව්යෝර්ක් සිට පිටත්වන පළමු ගුවන් ගමන් සඳහා BARK Air වෙබ් අඩවිය ඔස්සේ අසුන් වෙන් කරවා ගැනීමේ පහසුකම ද මේ වන විටත් ලබාදී ඇතැයි සඳහන්.

ඒ අනුව එක් සුනඛයෙකුට සහ හිමිකරුට ප්‍රවේශපත්‍රයක් අවම වශයෙන් ඇමරිකා ඩොලර් 6,000ක් වනු ඇති බවයි පැවසෙන්නේ.

මිනිසාගේ හොඳම මිතුරා සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති ලොව ප්‍රථම ගුවන් යානය ගමන් ආරම්භ කිරීමත් සමඟ සුනඛයන්ට පළමු පන්තියේ ගුවන් ගමනක් අත්විඳීමට ඉක්මනින් හැකි වනු ඇති බව එම සමාගම පවසනවා.

සුනඛයන් ගුවන් යානාවල රැගෙන යාම සාමාන්‍යයෙන් අවසර හිමි නොවන අතර ඇතැම් ගුවන් සමාගම් විවිධ කොන්දේසි මත සුනඛ වර්ග කිහිපයකට පමණක් හිමිකරු සමග ගමන් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

American Airlines විසින් කූඩුවක සිටින කුඩා සුනඛයන් හිමිකරුගේ ඉදිරි ආසනය යට තැබීමට ඉඩ සලසන අතර විශාල සුනඛයන් රැගෙන යනු ලබන්නේ භාණ්ඩ ප්‍රවාහන කුටිය තුලයි. එය සුරතල් සතුන්ට ආතතියක් ඇති කරන බව සොයාගෙන තිබෙනවා.

යුනයිටඩ් එයාර්ලයින්ස් සමාගමේ යානාවල ප්‍රමාණවත් ඉඩක් තිබේ නම් සුරතල් සතුන්ට මැදිරිය තුළ ගමන් කළ හැකි වුව ද එම සතුන් හිමිකරුට ඉදිරියෙන් ඇති ආසනය යට රැගෙන යා යුතුයි.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »