පිහි ඇනුමෙන් මියගිය පිරිස සිහි කරන්න ස්මාරකයක්

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි පිහි ඇනුමෙන් මියගිය පිරිස වෙනුවෙන් ස්ථීර ස්මාරකයක් පිහිටුවීමට රජය අවධානය යොමු කරන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් පවසනවා.

ප්‍රහාරයෙන් මියගිය හය දෙනාට ගෞරව කරමින් ඉරිදා බොන්ඩායි ජන්ෂන් හි පුෂ්පෝපහාර දැක්වු අගමැති ඇන්තනි ඇල්බනීස් ඇතුළු ප්‍රජා නායකයින් අතර නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා ද සිටියා.

මියගිය පිරිස වෙනුවෙන් ඉදිරි සති කිහිපය තුළ ස්මාරකයක් පිහිටුවීමට රජය අවධානය යොමු කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

ක්‍රිස් මින්ස් පැවසුවේ මෙම ස්මාරකය 2014 වසරේදී ලින්ඩ්ට් කැෆේ වැටලීමේදී මියගිය පුද්ගලයින් දෙදෙනා වෙනුවෙන් මාටින් පෙදෙසේ ඉදි කර ඇති ස්මාරකයට සමාන වනු ඇති බවයි.

පුද්ගලයන් හය දෙනෙකුට මරු කැඳවූ බොන්ඩායි ජන්ෂන්හි පිහි ඇනුම පිළිබඳ ස්වාධීන හදිසි මරණ පරීක්‍ෂණයක් සඳහා නිව් සවුත්වේල්ස් රජය ඩොලර් මිලියන 18 ක අරමුදල් සපයන බව අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් නිවේදනය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ක්‍රිස් මින්ස් අද උදෑසන නිවේදනය කළේ අරමුදල් වහාම හදිසි මරණ පරීක්‍ෂක කාර්යාලයට යොමු කරන අතර මරණ පරීක්‍ෂණයට පූර්ණ කාර්ය මණ්ඩලයක් සහ සම්පත් ඇති බවයි.

එම පරීක්‍ෂණය පැවැත්වෙන කාලසීමාව තුළ සිදුවන සියලුම අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ සඳහා සහකාර නියෝජ්‍ය හදිසි මරණ පරීක්‍ෂකවරයකු පත් කෙරෙනු ඇති බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර අවශ්‍ය කරන තොරතුරු පොලිසියට ලබා දීමට පෙර අන්තර්ජාලයේ පළ කරන පුද්ගලයින් ගැන සැලකිලිමත් වන බව ද අගමැතිවරයා අවධාරණය කළා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »