ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය පැවසුවේ ගාසා තීරයට අවශ්‍ය මූලික සේවාවන් සහ මානුෂීය ආධාර සැපයීමට ප්‍රමාදයකින් තොරව ඉඩ දීමට ඊශ්‍රායලය ක්‍රියා කළ යුතු බවයි.

තවත් සති කිහිපයකින් ගාසා තීරයට සාගතයක් ඇති විය හැකි බවට වන අනතුරු ඇඟවීමෙන් පසුව ජගත් සංවිධානය මෙම නියෝගය කර තිබෙනවා.

කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ආධාර ලබාදීම් අවහිර කරන බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.

දකුණු අප්‍රිකාව විසින් ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ජන සංහාර පිළිබඳ චෝදනා ද ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර ඇති අතර ආධාර බෙදා හැරීමේ ගැටළු සම්බන්ධයෙන් ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොස් පවරා තිබෙනවා.

ගාසා තීරයේ ජන ඝාතන ක්‍රියාවන් වැලැක්වීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඊශ්‍රායලයට ජනවාරි මාසයේදී නිකුත් කළ නියෝගය ශක්තිමත් කරන ලෙස දකුණු අප්‍රිකාව ඉල්ලා සිටීමෙන් පසුවයි හේග් අධිකරණයේ මෙම තීන්දුව ලැබී ඇත්තේ.

පසුගිය සතියේ, ලෝක ආහාර වැඩසටහන මෙහෙයවනු ලබන ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා වාර්තාවක් අනතුරු ඇඟවූයේ ගාසා තීරයේ ව්‍යසනකාරී තත්වයක් වර්ධනය වෙමින් පවතින බවයි.

ගාසා තීරයේ මිලියන 2.2 ක ජනතාව උග්‍ර ආහාර අනාරක්‍ෂිතතාවයකට මුහුණ දී සිටින බවත්, මැයි මස අවසානයට පෙර භූමියේ උතුරට සාගතයක් ඇති වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් එහි සඳහන්.

එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයින්ට අනුව සාගතය ආරම්භ වෙමින් පවතින අතර මන්දපෝෂණයෙන් සහ විජලනය හේතුවෙන් දරුවන් 27 දෙනෙකු ඇතුළු 31 දෙනෙකු දැනටමත් මිය ගොස් ඇති බව හෙළිවී තිබෙනවා.

ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ පුද්ගලයින් 32,552ක් මිය ගොස් ඇති බවයි.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »