ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපල පර්යන්ත මේ වන විට සංචාරකයින්ගෙන් පීරි ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද උදෑසන බ්‍රිස්බේන් ගෘහස්ථ පර්යන්තයේ මගීන් 48000ක් පමණ ගුවන් ගමන් සඳහා එක්ව තිබූ බව සඳහන්.

සංචාරකයින්ට ඔවුන්ගේ ගුවන් ගමන්වල තත්ත්වය පරීක්ෂා කර බැලීමටත් ගුවන් තොටුපළට යාමට වාහන නතර කිරීමට සහ පරීක්ෂා කිරීමටත් අවශ්‍ය කාලය ලබා දෙන ලෙසටයි ගුවන් සමාගම්වලට උපදෙස් ලබා දී ඇත්තේ.

ඉදිරි පැය 24 තුළ පමණක් 130,000කට වැඩි පිරිසක් සිඩ්නි ගුවන් තොටුපළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අතර පර්යන්ත අවට කාර්යබහුල තත්ත්වයක් පවතින අතර ගමන් මලු පරීක්ෂා කිරීමට අවශ්‍ය සංචාරකයින් දේශීය ගුවන් සංචාරවලට දී පැය දෙකකට පෙර ගුවන් තොටුපළට පැමිණෙන ලෙස දැනුම් දෙනවා.

විදේශ ගත වීමට පැමිණෙන ඔස්ට්‍රේලියනුවන්ට පැය තුනකට පෙර ගුවන් තොටුපල වෙත පැමිණෙන ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »