මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් බව කියන ඩොලර් මිලියන 4ක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ 17ක් වික්ටෝරියා පොලිසිය විසින් මෙලෙස සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා පොලිසිය මොනී පොන්ඩ්ස් හි ව්‍යාපාරික ස්ථානයක් වටලා නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ හෝමෝන ඇතුළු නීති විරෝධීව ළඟ තබා ගත් බෙහෙත් සොයා ගෙන තිබෙනවා.

සමර්ටන්හි කර්මාන්ත ශාලාවකදී එම ව්‍යාපාරයේ හිමිකරු බව කියන පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ලැම්බෝගිනි දෙකක් ද ඇතුලුව සුඛෝපභෝගී මෝටර් රථ 17ක් මෙන්ම ඩොලර් 950,000ක මුදල් සොයාගෙන ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ තිබියදී යි.

යාරම්බට්හි පදිංචි 54 හැවිරිදි ව්‍යාපාරිකයාට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධ වැරදි රැසකට චෝදනා එල්ල වී ඇති අතර ඔහු අද මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »