චීනයෙන් ඔස්ට්‍රේලියාවට සුබ පණිවුඩයක්

ඩොලර් බිලියනයක අපනයන වෙලඳපොල නැවත විවෘත කරමින් ඔස්ට්‍රේලියානු වයින් සඳහා පනවා තිබූ තීරු බදු ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

වසර ගණනාවක් පුරා පනවා තිබු මෙම බදු හේතුවෙන් අවහිර වී තිබූ ඩොලර් බිලියන 1.1ක වයින් අපනයන වෙළඳපොළක් අද සිට නැවත විවෘත කෙරෙනු ඇති.

චීනය සම්බාධක ඉවත් කිරීම හේතුවෙන් ලෝක වෙළඳ සංවිධානයේ නීතිමය කටයුතු ද අත්හරින බව අගමැති ඇන්තනි ඇල්බනිස් ප්‍රකාශ කළා.

2020 වසරේ සිට චීනය පනවා තිබූ තීරුබදු හේතුවෙන් ඔස්ට්‍රේලියානු වයින් නිෂ්පාදකයින් පත්ව සිටියේ දැඩි පිඩාවකටයි.

එම බදු හේතුවෙන් ඔස්ට්‍රේලියානු වයින් නිෂ්පාදකයින්ට බෝතල් කළ වයින් අපනයනය කිරීමට ද හැකියාවක් ලැබුණේ නැහැ.

වත්මන් රජය 2022 වසරේදී තේරී පත් වූ දිනයේ සිට චීනය සමඟ සබඳතා ශක්තිමත් කිරීම ප්‍රමුඛතාවයක් කර ඇති අතර එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් අනුවයි මෙම බදු ඉවත් කර ඇත්තේ.

වයින් නිෂ්පාදකයන් ප්‍රකාශ කළේ වසර කිහිපයක දුෂ්කර කාලයකින් අනතුරුව රට පුරා මිදි වගා කරන්නන් සහ වයින් නිෂ්පාදකයින්ට සුබවාදී ප්‍රවෘත්තියක් ලැබී ඇති බවයි.

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඉහළම බදු අය කරන රටක් ලෙසට නම් වෙයි

ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ නවතම වාර්තා අනුව ඉහළම බදු අය කිරීමක් සටහන්ව ඇති රට ලෙසට ඔස්ට්‍රේලියාව බවට පත්ව තිබෙනවා.

Read More »