ඔස්ට්‍රේලියාවේ ඉන්ධන පිරවුම්හලකට යනවා නම් මේ ගැන බලන්න අමතක කරන්න එපා

පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමට පෙර මිල ගණන් දෙවරක් පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු රියදුරන්ට දැනුම්දීමක් කර තිබෙනවා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් තුළ මිල වැරදි ලෙස ප්‍රදර්ශණය කර ඇති අතර එලෙස වැරදි මිල ප්‍රදර්ශනය කරන සේවා ස්ථානවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාතමක කරන බවයි ෆෙඩරල් රජය අවධාරණය කර ඇත්තේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ඉන්ධන පිරවුම්හල් 44ක සෝදිසි කිරීම්වලදී හෙළිවී ඇත්තේ අඩු මිලක් ප්‍රචාරණය කර ඇති නමුත් ඉන්ධන ලබා ගත් පසු වැඩි මිලක් රියදුරන්ගෙන් ලබාගෙන ඇති බවයි.

මෙම වසරේ ප්‍රචාරණය කරනු ලබන සත්‍ය ඉන්ධන මිල අගය දැනගැනීම සඳහා fuel check ජංගම දුරකත යෙදුම භාවිත කරන ලෙස මෝටර් රථ හිමියන්ට දැනුම් දී තිබෙනවා.

ප්‍රදර්ශනය කර ඇති මිල සහ අය කර ඇති මිල අතර පරස්පරතා මතුවන්නේ නම් ඒ පිළිබඳ නිව් සවුත්වේල්ස් ෆයර් ට්‍රේඩින් වෙත පැමිණිල්ලක් ගොනු කරන ලෙස ද වැඩිදුරටත් දැනුම් දෙනවා.

මෝටර් රථ රියදුරන්ට fuel check යෙදුම මගින් තමන්ට ළඟම ඇති ඉන්ධන පිරවුම්හල, අඩුම මිල යටතේ ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් මෙන්ම එදිනට නිමිත වාසි පිළිබඳව ද දැන ගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »