රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

ෆයින්ඩර් විසින් සිදුකළ අධ්‍යනයකට අනුව පෙනී ගොස් ඇත්තේ සෑම ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් මෙලෙස වේටින් ලිස්ට්හි රැඳී සිටින බවයි.

ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගතවන පෞද්ගලික රක්ෂණයක් අහිමි පුද්ගලයින්ගෙන් සියයට 34කට වසරක් හෝ ඊට වැඩි කාලයක් සැත්කම සඳහා බලා සිටීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මෙහි විශේෂත්වය වන්නේ සැත්කම් සඳහා නියමිත පුද්ගලයින්ගෙන් සියයට 12ක පමණ පිරිසකට වසර 3කට වැඩි කාලයක් සැත්කමක් සඳහා බලා සිටීමට සිදු වීමයි.

ශල්‍යකර්ම සඳහා මාස ගණනක් හෝ වසර ගණනක් බලා සිටීමේ ප්‍රතිඵලයක් ලෙස රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය පිරිහෙන බව ද අවධාරණය කර තිබෙනවා.

ෆයින්ඩර් විශ්ලේෂණවලට අනුව 2000 වසරේ සිට සෞඛ්‍ය රක්ෂණයේ පිරිවැය සියයට 204කින් ඉහළ යාම හමුවේ බොහෝ ඔස්ට්‍රේලියානුවන් රක්ෂණවලින් ඉවත්ව ඇති බව සඳහන්

ඒ අනුව ෆයින්ඩර් පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ මෙලෙස පෞද්ගලික රක්ෂණ සඳහා හිමිකම් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක් පවතින බවයි.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »