ලොතරැයියකින් ඩොලර් බිලියන 1.7ක සුපිරි ත්‍යාගය දිනූ නාඳුනන පුද්ගලයා

ඇමරිකානු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ 8 වන විශාලතම ජැක්පොට් ලොතරැයි මූල්‍ය ත්‍යාගය පුද්ගලයෙකුට හිමිවී තිබෙනවා.

නිව් ජර්සි ප්‍රාන්තයේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා ලොතරැයි දිනුම් ඇදීමෙන් ඇමරිකා ඩොලර් බිලියන 1.7ක් දිනා ගැනීමට සමත්ව තිබුණා.

මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට අවස්ථාව හිමි වන්නේ මිලියන 302කට එක් වරක් පමණක් බවයි වාර්තා වන්නේ.

මෙගා මිලියන් ජැක්පොට් දිනුම් ඇඳීමක් ජයග්‍රහණය කිරීම ඉතා දුෂ්කර වන අතර මේ දක්වා විශාලතම ලොතරැයි ජැක්පොට් දිනුම් ඇඳීම ජයග්‍රහණය වාර්තා වී ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් වන අතර එම මුදල ඩොලර් බිලියන 2.04ක්.

මෙම ත්‍යාගය ඇමරිකා එක්සත් ජනපද ඉතිහාසයේ 8 වැනි විශාලතම ත්‍යාගය ජයග්‍රහණය ලෙසටයි සැලකෙන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට මෙම ලොතරැයියේ සුපිරි ත්‍යාග ජයග්‍රහණයක් නොතිබීම හේතුවෙන් මේ දක්වා ජයග්‍රාහී මුදල් එක් රැස්වී තිබුණා.

දෙසැම්බර් 8 වැනිදා සිට කිසිවකු අංක හයම ගලපා Mega Millions ජැක්පොට් ජයග්‍රහණය කර නොතිබූ බව සඳහන්.

ඇමරිකාවේ මෙම සුපිරි ත්‍යාගය ජයග්‍රහණය කළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ විශාලතම ලොතරැයි ජැක්පොට් දිනුම් ඇදීම තුලින් පසුගිය පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 200ක ජයග්‍රහණයක් ලැබී තිබු අතර එම එම ජයග්‍රාහී මුදල දෙනෙකු අතර බෙදී ගියා.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »