Search

තණකොළවලට උපදේශක කමිටුවක්

නොදන් ටෙරිටරි කලාපයේ බුෆල් තණකොළ විශේෂය වල් පැළෑටියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සලකා බැලීමට උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා.

බුෆල් තණකොළ ගවයින් සඳහා ආහාරයක් ලෙස සපයනු ලැබුව ද එම තෘණ විශේෂය මගින් සිදුවන පාරිසරික බලපෑම ඉහළ වන බවටයි මත පලවී ඇත්තේ.

ඒ අනුව මෙම තණකොල විශේෂය වල් පැළෑටියක් ලෙස ප්‍රකාශ කළ යුතු ද නැද්ද යන්න සලකා බලා නිර්දේශයක් ඉදිරිපත් කිරීමට අදාළ කමිටුවට මාස තුනක කාලයක් ලබා දී ඇති බව සඳහන්.

ගවයින්ට ආහාර, දුවිලි හා පංශූ ඛාදනය අවම කිරීමට සහය වීම අතින් බුෆල් තෘණ විශේෂය වාසි සහගත වුව ද පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙම බුෆල් තෘණ මගින් ලැව් ගිනි ව්‍යාප්ත වීමේ අවදානමක් ද පවතින බවයි.

එමගින් ජෛව විවිධත්වයට ද බලපෑම් කරන අතර ආදිවාසී ජනකොටස් සඳහන් කර ඇත්තේ තම සංස්කෘතික සම්ප්‍රධායන්වලට ද මෙමගින් බලපෑම් එල්ල වන බවයි.

මේ පිළිබඳ පත්කළ උපදේශක කමිටුව මගින් බුෆල් තණකොළ විශේෂය වල් පැළෑටියක් ලෙස ප්‍රකාශ කළ යුතු ද යන්න නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පරිසර අමාත්‍ය කේට් වර්ඩන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම තණකොළ විශේෂය වල් පැළෑටියක් ලෙස නම් කළ හොත් සත්ව පාලන කර්මාන්තවලට බලපෑම් එල්ල වන බවයි වාර්තා වන්නේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »