ඔස්ට්‍රේලියාවේ උද්ධමනය මාස තුනක් පුරා එකම අගයක

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අගය අඛණ්ඩව මාස තුනක් පුරා 3.4ක ස්ථාවර අගයක පවත්වාගෙන යෑමට ෆෙඩරල් සංචිත බැංකුව සමත්ව තිබෙනවා.

ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ මෙරට උද්ධමනය නිවැරදි දිශාවට ගමන් කරමින් පවතින බවයි.

බැංකු පොලි අනුපාතිකය පහත වැටීමක් පිළිබඳ කිසිදු එකඟතාවක් සංචිත බැංකුව මගින් ප්‍රකාශ කර නොමැති අතර පොලී අනුපාතිකයේ වෙනස උද්ධමනය කෙරෙහි සෘජුව බලපෑම් කරනු ඇති.

භාණ්ඩ හා සේවවන්හි උද්ධමන අගය වෙන වෙනම සැලකීමේ දී නිවාස සහ ආහාරපානවල උද්ධමන අගය සියයට 4.6ක් වන අතර මධ්‍යසාර සහ දුම්කොළ ආශ්‍රිත නිශ්පාදනයන්ගේ උද්ධමන අගය සියයට 6.1කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රක්ෂණ සහ මූල්‍ය සේවාවන්හි උද්ධමන අගය සියයට 8.4 ඉක්මවා තිබෙනවා.

ආර්ථික විශේෂඥයින් බහුතරයකගේ මතය වනුයේ මීළඟ සංචිත බැංකු ප්‍රධානීන්ගේ රැස්වීමෙන් අනතුරුව බැංකු පොලි අනුපාතිකය පහත වැටීමක් අපේක්ෂා කරන බවයි.

කුළී නිවාස මිල අගය මෙරට උද්ධමනය සඳහා සෘජුව බලපෑම් ඇතිකරන සාධකයක් වන අතර ඒ සඳහා දිර්ඝකාලීන විසඳුම් ලබා දිය යුතු බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »