“අයියෝ සාමි” ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ටතම සංවේදී ගීතයට හිමි සම්මානය වින්ඩි ගුණතිලකට හිමිවී තිබෙනවා.

සම්මානය දිනූ ඇය එය රැගෙන ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගයීම සඳහා පවත්වනු ලබන අතර එය පසුගිය 24 වනදා පැවැත්වුණේ ඉන්දියාවේ චෙන්නායි නුවරදීයි.

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන “අය්යෝ සාමි” ගීතය වෙනුවෙන් ඇයට එම සම්මානය හිමි වුණා.

ඒ අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ සංගීතය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක්ව සිටියා.

එසේම වින්ඩි ගුණතිලකගේ දෙමාපියන් වන ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා ද, සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සඳහා ඉන්දියාව වෙත ගොස් තිබුණා.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »