බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා.

සිල්හෙට්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 280ක්.

ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 102 බැගින් රැස් කළා.

එය කමිඳු මෙන්ඩිස්ගේ පළමු ටෙස්ට් ශතකය ලෙසටයි වාර්තා අතරට එක්වුයේ.

සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 188ක් පමණයි.

විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් සහ කසුන් රාජිත මෙන්ම ලහිරු කුමාර බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

අනතුරුව දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 418ක් රැස් කළේ තරගය ජය ගැනීම වෙනුවෙන් බංග්ලාදේශයට ලකුණු 511ක ඉලක්කයක් ලබා දෙමින්.

දෙවන ඉනිමේදී නව වාර්තාවක් ද පිහිටුවමින් ධනංජය ද සිල්වා ලකුණු 108ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් රැස් කළා.

ධනංජය ද සිල්වාගේ එම ලකුණු 108 ඔහුගේ 12 වන ටෙස්ට් ශතකය ලෙසටයි වාර්තා අතරට එක් වන්නේ.

ඔස්ට්‍රේලියාවට එරෙහිව 2022 වසරේ ටෙස්ට් වරම් හිමිකර ගත් කමිඳු ක්‍රීඩා කළ දෙවැනි ජාත්‍යන්තර ටෙස්ට් තරගය මෙයයි.

තරගයේ හතරවන දිනය වූ අද දෙවන ඉනිම තුල බංග්ලාදේශයට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 182ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 328කින් මෙම තරගයේ ජය හිමිවුණා.

කමිඳු මෙන්ඩිස් ඉතිහාසයට එක් වන්නේ ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී අංක 07 හෝ ඉන් පසු පන්දුවට පහරදීමට පැමිණ ඉනිම් දෙකේදීම ශතක ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසින්.

ඒ අනුව ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදී ම ශතක රැස් කළ ලොව තෙවැනි පිතිකරු යුගළය බවට පත්වීම ද විශේෂත්වයක්.

1974 වසරේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයක දී ඉනිම් දෙකේදීම ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්වන ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් මෙම වාර්තාවේ පළමු හිමිකරුවන් බවට පත් වුණා.

අනතුරුව එවැනි දස්කමක් දැක්වූ දෙවැනි පිතිකරුවන් යුගළය බවට පත්වූයේ පාකිස්ථාන ක්‍රීඩකයින් වන අසාර් අලි සහ මිස්බා උල් හක් යන දෙදෙනායි. ඒ, 2014 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකේදී ම ශතක රැස්කරමින්.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »