ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික පාසල් ගැන අලුත් අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික පාසල්වලට සිසුන් ඇතුලත් කිරීම අඛණ්ඩව තුන්වැනි වසරටත් ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

දෙමාපියන් රාජ්‍ය පද්ධතියේ ස්වාධීන හෝ කතෝලික පාසල්වලින් වාර්තාගත ලෙස ඉවත්වීම හමුවේ මෙම තත්වය උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය 2023 වසර සඳහා වන නව දත්ත නිකුත් කර ඇති අතර පොලී අනුපාත ඉහළ යාම හෝ ජීවන වියදම් ඉහළ යාම හමුවේ වුව ද පෞද්ගලික පාසල්වලට සිසුන් ඇතුලත් කිරීමේ ප්‍රවණතාවය වර්ධනය වන බව සඳහන්.

ප්‍රාථමික හා උසස් පාසල් හරහා පෞද්ගලික පාසල්වලට ඇතුළත් කිරීම් සියයට 2.5කින් වර්ධනය වී තිබෙනවා.

මේ අතර, රජයේ පාසල්වල සිසුන් ඇතුලත් කිරීම ඉහළ ගොස් ඇත්තේ සියයට 0.3කින් පමණ වන අතර, එය රජයේ පාසල්වල බඳවා ගැනීම් පහත වැටුණු 2022 වසරට වඩා සුලු ඉහළ යාමක්.

ඔස්ට්‍රේලියාව පුරා, මේ වන විට සිසු සිසුවියන් මිලියන 1.5ක් පෞද්ගලික පාසල්වලට ඇතුළත් වන අතර පොදු පාසල් පද්ධතියේ සිටින සංඛ්‍යාව මිලියන 2.6ක් පමණ වනවා.

රජයේ පාසල්වල ප්‍රමාණවත් පන්ති කාමර සහ පාසල් නඩත්තුව වැනි මූලික අවශ්‍යතා සැපයීමට රජය අපොහොසත් වීම මෙන්ම ගුරුවරුන් ද රාජ්‍ය අංශයෙන් ඉවත්වීමට කටයුතු කරමින් සිටින බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »