ඔස්ට්‍රේලියාවේ අළෙවි වූ ජනප්‍රිය ළමා නිදන ඇදුම් කට්ටලයක් හදිසියේ කැඳවයි

Kmart සුපිරි වෙළෙඳ සැල්හි අලෙවි කළ නිදන ඇඳුම් කට්ටලයක් ආපසු කැඳවා තිබෙනවා.

මෙලෙස කැඳවා ඇත්තේ ඩයිනෝ මෝස්තරයේ ලිට්ල් බෝයිස් ස්ලීප් ටූසි (Little Boys Sleep Twosie in dino desing )ලෙස හඳුන්වනු ලබන ළමුන් සඳහා නිර්මාණය වූ රාත්‍රී ඇඳුම් කට්ටලයක්.

රාත්‍රී ඇඳුම් සඳහා සපුරාලියයුතු අනිවාර්ය ආරක්ෂක ප්‍රමිතීන් එහි අනුකූල නොවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තාපයට හෝ ගිනිදැල් ප්‍රභවයකට නිරාවරණය වුවහොත්, මෙම ඇදුම් ක්ෂණිකව පිළිස්සිය හැකි අතර බරපතල අවදානමක් මතුවිය හැකි බව සදහන්.

මෙම නිදන ඇඳුම් කට්ටළයෙහි නිවැරදි ගිනි උවදුරු ලේබලය අඩංගු නොවීම මෙලෙස කැදවීමට බලපා තිබෙනවා.

පෙබරවාරි 5 සිට පෙබරවාරි 26 දක්වා ඔන්ලයින් මාර්ගයෙන්ද ලොව පුරා මෙම ඇදුම් කට්ටල අලෙවි කර ඇති අතර 2 සිට 8 දක්වා ප්‍රමාණයෙන් යුතු එම වර්ගයේ සෑම කට්ටලයක්ම යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ

මෙම ඇදුම් මිලදීගත් පාරිභෝගිකයින් වහාම එම ඇදුම් ළමයින් ඇඳීම නතර කළ යුතු අතර මිලදි ගත් වෙළදසැලවෙත භාර දී මුදල ලබා ගැනීමේ හැකියාව පරිභෝගිකයින්ට පවතිනවා

මේ පිළිබද වැඩි විස්තර සඳහා 1800 124 125 දුරකථනයෙන් හෝ kmart australia වෙබ් අඩවිය හා සම්බන්ධ වීමෙන් ලබාගත හැකියි.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »