සරම්ප අවදානම ගැන මෙල්බන් නගරයට අනතුරු ඇඟවීමක්

මෙල්බන් අගනුවරින් සරම්ප ආසාධිතයෙකු හමුවීමත් සමග ඒ පිළිබද අවධානයෙන් පසුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

සරම්ප ආසාධිත විදේශ සංචාරකයෙකු මගින් මෙම රෝගය වැළඳදී ඇති අතර මෙල්බන්හි ගිණිකොන දිග ප්‍රදේශ ජනතාව වැඩි අවධානයෙන් පසුවන්නැයි දන්වා තිබුණා.

අදාළ සරම්ප ආසාදිත සංචාරකයා ප්‍රදේශයේ ස්ථාන 18ක සංචාරය සඳහා නිරතව ඇති අතර මාර්තු 14 සිට 19 දක්වා කාලය තුළ මෙරට රැදි ඇති බව සඳහන්

සරම්ප රෝගය ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් ජනතාව මේ පිලිබඳ අවධානයෙන් පසුවීම වැදගත්.

සරම්ප ආසාදනය වැලැක්වීම සඳහා සරම්ප රෝගයට නිරාවරණය වී පැය 72 ක් ඇතුළත මිනිසුන් MMR එන්නත ලබායුතු බවට නිර්දේශ කරනවා.

වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය බෙන් කෝවි සදහන් කළේ සරම්ප රෝග ලක්ෂණ මතු වුවහොත් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි

රෝගය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ සෙම්ප්‍රතිශ්‍යාවෙන් වන අතර උණ සහ කැසීම් දින තුනකට පසු ආරම්භ වන බව සදහන්

සරම්ප ඔස්ට්‍රේලියාව තුළ දුර්ලභ රෝගයක් වන අතර
ඔස්ට්‍රේලියානුවන් මේ දින වල විදේශගත වීමට සැලසුම් කරන්නේ නම් සරම්පල කම්මුල්ගාය රුබෙල්ලා රෝග සදහා එන්නත් ලබා ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »