සමාරා දුල්වින් එක්ක ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා සංචාරය සඳහා ඔස්ට්‍රේලියාවේ 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් හෙට ශ්‍රී ලංකාව බලා පිටත්යෑමට නියමිතයි.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් මෙවර ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉන්දීය සම්බවයක් සහිත ක්‍රීඩිකාවන් දෙදෙනෙකු එක්වීම විශේෂත්වයක්.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතයට තෝරාගෙන ඇති ක්‍රීඩිකාවන් 15 දෙනා අතරට හස්රත් ගිල් සහ සමරා ඩල්වින් යන ඉන්දීය සම්බවයක් සහිත ක්‍රීඩිකාවන් දෙදෙනා ඇතුලුත් කර තිබෙනවා.

මෙම සංචාරයේදී ඔස්ට්‍රේලියාව විස්සයි20 තරග හතරකට තරග වදින අතර පළමු තරගය මාර්තු 28 වැනිදාත්, ඉන් පසුව එක්දින තරග දෙකක් අප්‍රේල් මාසයේදීත් පැවැත්වීමට නියමිතයි.

2025 වසරේ මැලේසියාවේ පැවැත්වෙන ICC අවුරුදු 19 න් පහළ කාන්තා T20 ලෝක කුසලානය සඳහා සූදානම් වීමේ දී මෙම තරගාවලිය ක්‍රීඩකයින්ට වටිනා අත්දැකීමක් ලබා දීමේ අරමුණින් මෙම තරගය සංවිදානය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ජාතික සංවර්ධන ප්‍රධානී Sonya Thompson ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තුන්කොන් තරගාවලිය ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට සූදානම් වීමේ කොටසක් වන අතර වයස අවුරුදු 19 න් පහළ ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතයට විශාල සංවර්ධන අවස්ථාවක් ද වන බවයි.

තොම්සන් වැඩිදුරටත් සඳහන් කළේ අපි ක්‍රීඩකයින්ට තරඟාවලිය පුරා ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාවක් ලබා දීමට ද බලාපොරොත්තු වන බවයි

 

Australian U19 Women’s Squad:

1. Amy Hunter (ACT / Atherton Cricket Club)
2. Amy Smith (TAS / New Town Cricket Club)
3. Bonnie Berry (QLD / Emerald Brothers Cricket Club)
4. Eleanor Larosa (SA / Glenelg District Cricket Club)
5. Grace Lyons (ACT / Weston Creek Molonglo Cricket Club)
6. Hasrat Gill (VIC / Melbourne Cricket Club)
7. Ines McKeon (WA / Midland Guildford Cricket Club)
8. Juliette Morton (NSW / St George Sutherland Cricket Club)
9. Kate Pelle (NSW / Parramatta Cricket Club)
10. Lucy Finn (NSW / St George Sutherland Cricket Club)
11. Lucy Hamilton (QLD / Sunshine Coast Cricket Club)
12. Maggie Clark (SA / West Torrens District Cricket Club)
13. Samara Dulvin (VIC / Ringwood Cricket Club)
14. Sienna Eve (NSW / Newcastle Cricket Club)
15. Tegan Williamson (WA / Wanneroo District Cricket Club)

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා ගිය යානයකට ගුවනේදී හදිසි තත්ත්වයක්

බ්‍රිස්බේන් සිට ඩාවින් දක්වා වූ ගමන් කරමින් තිබූ වර්ජින් ගුවන් සේවයේ යානයක් තාක්ෂණික දෝෂයක් හමුවේ ආපසු හරවාගෙන පැමිණ හදිසි ගොඩ බැස්වීමක් සිදු කර තිබෙනවා.

Read More »