වික්ටෝරියා ප්‍රාන්තයේ ගෑස් හිඟයක්?

ගෑස් සැපයුම ඉල්ලුමට වඩා වේගයෙන් පහත වැටෙන බැවින්, වික්ටෝරියා වැනි දකුණු ප්‍රාන්තවලට 2028 වසරේ සිට ඇති විය හැකි ගෑස් හිඟයක් ගැන බලශක්ති සමාගම් අනතුරු අඟවා තිබෙනවා.

ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් නව සැපයුම් සඳහා නියෝජිතයන් අවසර ඉල්ලා සිටිය ද ඇතැම් විශ්ලේෂකයින් ඊට එකඟතාවක් නොදක්වන්නේ ගෑස් භාවිතය අඩුවීම වේගවත් වනු ඇති බව පවසමින්.

ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළඳපොල ඒජන්සිය වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වික්ටෝරියා හි විශාලතම ගෑස් කම්හල වසා දැමීම මගින් සැපයුම්වල විශාල හිඩැසක් ඇති කරන බවයි.

උණුසුම සහ විදුලිය සඳහා ගෑස් සඳහා ඉල්ලුම ඉහළ යා හැකි ශීත ඍතුව තුළ ලබන 2025 වසරේ මුල් භාගයේ සිට හිඟයන් මතු විය හැකි බව එම වාර්තාව මගින් අනතුරු අඟවා තිබෙනවා.

කෙසේවෙතත් බලශක්ති ආර්ථික හා මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ කෙවින් මොරිසන් සඳහන් කළේ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රාන්තවල ගෑස් හිඟයක් නොමැති බැවින් වැඩි සැපයුම් අවශ්‍ය නොවන බවයි.

නිෂ්පාදනය කරන ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් අපනයනය ලෙස යැවීමට වඩා දේශීය වෙළඳපොළට යොමු කිරීම මගින් මෙම තත්ත්වය වළක්වා ගත හකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »