Phillip Bay හි ඩොල්ෆින් බලන්න ගිය අධ්‍යාපන චාරිකා බෝට්ටුව ගිනි ගනි

මෙල්බර්න් හි පෝට් ෆිලිප් බේ ප්‍රදේශයේදී අද උදෑසන බෝට්ටුවක් ගිනි ගැනීමෙන් සිද්ධියෙන් එහි සිටි පාසල් සිසුන් 20කට වැඩි පිරිසක් බේරාගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

උදෑසන 8.30 ට පමණ ක්වීන්ස්ක්ලිෆ් ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී බෝට්ටුව ගිනිගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරු අනුව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් සමග මෙම සිසුන් පිරිස බේරා ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

ගිනි ගැනීම සිදුවන අවස්ථාවේ දී පාසල් සිසුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 22 දෙනෙක් එහි සිට ඇති අතර සියලු දෙනා ආරක්ෂිතව වරාය තොටුපළට රැගෙනවිත් ඇති බව සදහන්.

බෝට්ටුවේ එන්ජිමේ හටගත් ගින්න සිද්ධියට මුල්ව ඇති අතර ගිනි ගැනීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

මෙල්බන්හි හී බාලිකා පාසලක 9 ශ්‍රේණියේ සිසුවියන් පිරිසක් භූගෝලීය විශයට අදාළව ඩොල්ෆින් මසුන් නැරඹීමට යෑමේදී මෙම අනතුරට මුහුණ දී තිබුණා.

කෙසේ වෙතත් සිදුවීම සැළවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ගින්න මැඩපවත්වා අදාළ බෝට්ටුව ද වරාය පරිශ්‍රය වෙත රැනවිත් ඇති බව සදහන්

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »