ලොව වටා තනිව සංචාරය කරන 89 හැවිරිදි කත

ලොව වටා තනිව සංචාරය කරන 89 හැවිරිදි කාන්තාවක් පිළිබඳ පුවතක් එංගලන්තයෙන් වාර්තා වනවා.

ජෝයි ෆොක්ස් නැමති මෙම කාන්තාව වයස අවුරුදු 20 සිට මෙලෙස ලොව වටා සංචාරය සඳහා එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇගේ සංචාරක දිවියේ ආරම්භය සුවිශේෂි වන අතර ප්‍රථම සංචාරය සඳහා මංගල මුදුව විකුණා මුදල් ලබා ගත් බවයි ජෝයි සඳහන් කර ඇත්තේ.

ඇගේ සංචාරක ගමනාන්ත අතර ප්‍රංශය,ස්විට්සර්ලන්තය සහ ඉතාලිය විශේෂ වන අතර
මොනාකෝ දේශය,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,කුක් දිවයින,කැනඩාව සහ ඇමරිකාවද ඊට ඇතුළත්.

89 හැවිරිදි ජෝයි ෆොක්ස් සදහන් කළේ තමන් වයස අවුරුදු 20 මෙන් තවමත් සංචාරය සදහා එක්වීමට හැකියාව පවතින බව සදහන්.

එසේම තරුණියක් මෙන් ඉතා ආශාවෙන් හා උද්යෝගයෙන් ලෝකය ගවේෂණය කරන බවයි ඇය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන් සඳහා තනි සංචාර ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ ගෝලීය සංවිධානයක් වන Journey Women ආයතනෙයෙන් Best Solo traveller සම්මානය හිමිකර ගැනීමට ද ජෝයි ෆොක්ස්ට හැකියාව ලැබී තිබෙනවා.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »