ඔස්ට්‍රේලියාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් බිහිවීමට ප්‍රධාන හේතුවක් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ නොමේරූ දරු උපත් සංඛ්‍යාව පහළ දැමීමේ අරමුණින් නව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සතිපතා සායනවලට පැමිණෙන ගර්භණී කාන්තාවන්ගේ ප්‍රසූත අවධානම පරික්ෂා කරණ අතර 

ඉක්මන් ප්‍රසූති අවදානමක් ඇති කාන්තාවන් හඳුනා ගැනීම සිදු වනු ඇති.

මෙලෙස දරු ප්‍රසූතියට පෙර පූර්ව ප්‍රසුති අවදානමක් ඇති කාන්තාවන් හදුනාගනිමින් ප්‍රතිකාර සිදු කිරීමක් සිදු කරන අතර එමගින් නොමේරු දරුවන් බිහිවීමේ අවධානම පාලනය කිරීම අරමුණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නොමේරූ උපත් වැළැක්වීමේ සන්ධානය (APBPA) විසින් මෙහෙයවනු ලබන අතර මෙවැනි වැඩසටහනක් ආරම්භ කළ ප්‍රතම රට ඔස්ට්‍රේලියාව වනු ඇති.

නොමේරූ දරු උපතක් යනු ගැබ් ගැනීමෙන් සති 37 ට පෙර ඉපදෙන දරුවන් වන අතර නව වැඩසටහන මගින් වසරකට ඉපදෙන නොමේරූ දරු උපත් 4000ක් පමණ අඩු කරගතහැකි බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු පහට අඩු ළදරු මරණයන්ට සහ දරුවන් ආබාධිත වීමට ඇති ප්‍රධානතම හේතුව නොමේරූ උපත් වන අතර ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 8ක් නොමේරූ උපත් බව සදහන්.

ඔස්ට්‍රේලියානු නොමේරූ උපත් වැළැක්වීමේ සන්ධානය 2018 වසරේ ආරම්භව ඇති අතර මෙම නොමේරු ළදරු උපත් සියයට 6 දක්වා අඩු කිරීමට හැකි වනු ඇති බව සදහන් කර තිබෙනවා.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »