ක්වීන්ස්ලන්ඩ්වල දැවැන්ත ප්‍රසංගයක පළමු වරට පොලිසියත් එක්ක වෙනස්ම වැඩක්

2019 වසරේදී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සංගීත උළෙල මෙවර පැවැත්වීමේදී මත් පෙති පරීක්ෂාවට (Pill Testing) එකඟ වී තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ මත් පෙති පරීක්ෂාව සිදු කරනු ලබන පළමු අවස්ථාව එය වනු ඇති.

Rabbits Eat Festival හි සංවිධායක එරික් ලැමීර් පැවසුවේ මෙම තීරණය මත්ද්‍රව්‍ය ආශ්‍රිත හානිය අවම කිරීම සඳහා නිවැරදි දිශාවට තබන පියවරක් බවයි.

උත්සවයට පැමිණෙන අයට එම ස්ථානයේදීම මත් පෙති සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ පහසුකම් ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළා.

පසුව ඒවායේ ප්‍රතිඵල ලබා දෙන අතර මෙවැනි මත් ද්‍රව්‍යලින් ඇති විය හැකි හානිය සම්බන්ධයෙන් ද එහිදී දැනුවත් කෙරෙනු ඇති.

24 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු 2019 වසරේ අප්‍රේල් මාසයේදී බ්‍රිස්බේන් හි පැවති Rabbits Eat Festival ප්‍රසංගය අතර ඔවුන්ගේ කූඩාරම තුළ මියගොස් සිටියදී සොයා ගනු ලැබුවා.

එම තරුණයන් දෙදෙනාගේම සිරුරු කොටස්වල මාරාන්තික මත්ද්‍රව්‍ය තිබූ බවටයි අනාවරණ වූයේ.

මේ අතර ක්වීන්ස්ලන්ඩ් සෞඛ්‍ය අමාත්‍ය ෂැනන් ෆෙන්ටිමන් පැවසුවේ ඉදිරි වසර දෙක තුළ ප්‍රාන්තයේ Pill Testing සේවා සැපයීම සඳහා ප්‍රාන්ත රජය ඩොලර් මිලියනයකට ආසන්න මුදලක් ආයෝජනය කරන බවයි.

ඒ සඳහා අධීක්ෂණ රාමුවක් සකස් කිරීමට රජය ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පර්යේෂණ ආයතනය සමග සම්බන්ධ වන බවයි ඇය ප්‍රකාශ කළේ.

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »