ඔස්ට්‍රේලියාවේ වයින් හදන්නෙ මෙහෙමයි නම් බොන්නෙත් නෑ

‍ව්‍යාජ අමුද්‍රව්‍ය යොදාගනිමින් ඔස්ට්‍රේලියාවේ නිශ්පාදනය කෙරෙන ආහාර ද්‍රව්‍ය වංචාවක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ආහාර සම්බන්ධ වංචනික ක්‍රියා ඔස්ට්‍රේලියාව තුළ වර්ධනය වීම බරපතල ගැටලු සහගත තත්වයක් බව සදහන්.

අනුභව කරන ආහාර, ෆෘට් ජූස් මෙන්ම ඇතැම් වයින් වර්ග වලට ‍ව්‍යාජ අමුද්‍රව්‍ය යොදා ගන්නා බවයි හෙළිව ඇත්තේ.

විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ නිශ්පාදිත වයින් වර්ග සදහා කෘතීම වර්ණක සහිත දියර භාවිත කර ඇති බවද සදහන්.

මෙල්බන් විශ්වවිද්‍යාලයක් මගින් සිදුකල අධ්‍යයනයක දි හෙලිව ඇත්තේ භාණ්ඩ ලේබල් කිරීමේ දී ව්‍යාජ හෝ විකෘති කරන ලද ලේබල යොදාගෙන ඇති බවද සොයාගැනීමට පර්යේෂකයි සමත්ව තිබෙනවා.

මේ අතර නියමිත ධාරිතාව ඉක්මවා භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙන් ආහාර වල ගුණාත්මකභාවය පහත වැටීමටය හේතු වන බවයි පර්යේෂකයි සොයාගෙන ඇත්තේ.

ආහාර වංචා හේතුවෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්වූ නිෂ්පාදන අතර වයින් ඇතුළු මධ්‍යසාර වර්ග කිහිපයක්, කුළුබඩු ,තෙල් වර්ග සහ මී පැණි වැනි නිෂ්පාදන ඇතුළත්.

මේ හේතුවෙන් පාර්භෝගිකයින් ආහාරපාන මිලදී ගැනීමේ දී භාණ්ඩවල ලේබලය වඩාත් සුපරික්ෂාකාරීව පිරික්සා බලන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා.

මතභේධයට ලක්වූ සිඩ්නි ගොඩනැගිල්ලට වෙන්න යන දේ

මතභේදාත්මක ලෙස අලෙවි කරනු ලැබූ සිඩ්නි හි ජනප්‍රිය සිරියස් (Sirius) නිවාස සංකීර්ණය නව පදිංචිකරුවන් සඳහා නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

මෙල්බන් වෙළඳසැල්වලට ගිනි තැබු මෝටර් රථය

මෙල්බන් නොබෙල් පාර්ක් නෝර්ත් (Noble Park North) ප්‍රදේශයේදී වෙළඳසැල් පිහිටි ගොඩනැගිල්ලකට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් වෙළඳසල් රැසක් ගිනිගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »