ඕස්ට්‍රේලියානුවන්ට කොරෝනා එන්නත් ලබා ගැනීමට වෛද්‍ය සායන වෙත යාමට අවශ්‍ය නොවේ.

ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ කොරෝනා එන්නත ලබා ගැනීම සඳහා වෛද්‍ය සායන කරා යාමට අවශ්‍ය නොවනු ඇත​. ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත් රට පුරා ඇති ඔසුසැල් දහස් ගණනකින් ලබා ගත හැකි වේ.

ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඩොලර් මිලියන 200 ක මෙම​ යෝජනා ක්‍රමය ප්‍රකාශයට පත් කළේය.

එහි අර්ථය වනුයේ කොරෝනා එන්නත් ඕස්ට්‍රේලියාව පුරා වෛද්‍ය සායන, රෝහල් සහ ෆාමසි ඇතුළු ස්ථානයන් ගෙන් ලබා ගැනීමට කටයුතු සලසනු ඇත​.

ෆෙඩරල් රජය විසින් ඔස්ට්‍රේලියාව පුරා පිහිටා ඇති ප්‍රජා ඔසුසැල් 5,800 ක් සඳහා කොරෝනා එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලට​ සහභාගී වීමේ අවස්ථාව ලබා දෙනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ හැකි තරම් ඖෂධ අලෙවිසැල් මෙම වැඩසටහන ආරම්භ කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. මෙය මැයි මාසයේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර එය ඕස්ට්‍රේලියාව තුල කොරෝනා එන්නත් බෙදා හැරීමේ දෙවන අදියරේදී වනු ඇත.

වයස අවුරුදු 50 ට වැඩි අයට සහ ආදිවාසී වැසියන්ට මෙම එන්නත් ලබා ගත හැකි වන අතර සාමාන්‍ය වැඩිහිටි ජනතාවට ලබා ගැනීමට පෙර ඔවුනට මෙම එන්නත් ලබා ගැනීමට හැකිවනු ඇත​.

මාර්තු මාසයේ සිට විශාල පරිමාණයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් බෙදා හැරීමේ වැඩපිලිවෙල ආරම්භ වන අතර පළමු අදියරේ දී  නිරෝධායන හා දේශසීමා නිලධාරීන්, සෞඛ්‍ය සේවකයින් සහ වයස්ගත හා ආබාධිත සත්කාර පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීමට නියමිතයි.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »