ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය ජයගැනීමට ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රුවන්ත කැල්ලපොත සමත් වී තිබෙනවා.
ක්‍රිකට් ඔස්ට්‍රේලියා විසින් නිකුත් කර ඇති ලෝකල් හීරෝස් වීඩියෝ මාලාවේ 32 හැවිරිදි රුවන්තගේ දස්කම් ද ඇතුලත් කිරීමත් සමගයි රුවන්ත වෙත අවධානය යොමු වී ඇත්තේ.
රුවන්ත ප්‍රසාද් කැල්ලෙපොත ශ්‍රී ලංකාවේදී පොලිස් ක්‍රීඩා සමාජය මෙන්ම මුඅර්ස් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් දක්ෂතා දක්වා තිබෙනවා.
ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන රුවන්ත පන්දු යවන්නෙක් ලෙසට වැඩි දක්ෂතා පෙන්වන අතර ඔහු දකුණත් පිතිකරුවෙක්.
2013 වසරේ දී මෙල්බන් වෙත පැමිණි රුවන්ත එතැන් සිට ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ඇති බව සඳහන්.
2022 වසරේ වික්ටෝරියා සහ මෙල්බර්න් රෙනෙගේඩ්ස් ක්‍රිකට් සමාජය සමග ගිවිසුම්ගත වීමත් සමගයි ඔහුගේ දස්කම් ප්‍රසිද්ධියට පත්වුයේ.
2022 වසරේ ඩාවින්හි පැවති තරගාවලියේ දී රෙනෙගේඩ්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ රුවන්තට පසුකාලීනව බොහෝ ක්‍රිකට් සමාජ මගින් ආරාධනා ද සිදු කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුවන්ත සඳහන් කළේ තම දක්ෂතා සමග ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායමට එක්වීමේ සිහිනයකින් පසුවන බවයි.