Search

ඕස්ට්‍රේලියාවේ භාවිතා කිරීම සඳහා ෆයිසර් COVID-19 එන්නත අනුමත කරයි.

PFIZER

ඕස්ට්‍රේලියාවේ භාවිතා කිරීම සඳහා ෆයිසර් COVID-19 එන්නත අනුමත කරයි.

ෆයිසර් COVID-19 එන්නත ඕස්ට්‍රේලියාවේ භාවිත කිරීම සඳහා තාවකාලිකව අනුමත කර ඇති බව චිකිත්සක භාණ්ඩ පරිපාලන කාර්‍යාලය​ (TGA) තහවුරු කර තිබේ. ඕස්ට්‍රේලියාව තුල භාවිතයට සුදුසු බවට අනුමැතිය ලබාගත් පළමු එන්නත මෙය වේ.

ෆයිසර් එන්නත “ඕස්ට්‍රේලියාවේ භාවිතය සඳහා අවශ්‍ය ඉහළ ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ ගුණාත්මක ප්‍රමිතීන්” සපුරාලීමට සමත් වී ඇති බවට TGA තීරණය කළේය.

මෙම එන්නත මාත්‍රා 2කින් සමන්විත වන අතර TGA විසින් උපදෙස් දී ඇති පරිදි පළමුව මෙම එන්නත් ලබා දීමට සුදුසු ලෙසට වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයින් නම් කර ඇත​.

ෆයිසර් වෙතින් රජයට ලබා දී ඇති නවතම උපදෙස් අනුව​ පළමු එන්නත පෙබරවාරි අග දී ඕස්ට්‍රේලියාවට ලැබෙන බවට​ අපේක්ෂා කරන බවයි.