
2024 සමර් ඔලිම්පික් තරගාවලිය සඳහා මැටිල්ඩාස් හෙවත් ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.
ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම ලැබූ මෙම සුදුසුකම මෙය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙසටයි සැලකෙන්නේ.
මේ අනුව පැරිසියේ පැවැත්වෙන සමර් ඔලිම්පික් උළෙලේ කණ්ඩායම් 12කින් සමන්විත කාන්තා තරගය සඳහා තම ස්ථාන තහවුරු කරගත් නවතම රටවල් අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාව සහ ජපානයයි.

මෙල්බන් ඩොක්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති ඔස්ට්‍රේලියාව සහ උස්බෙකිස්තානය අතර තරගාවලියේ දී ඔස්ට්‍රේලියාව උස්බෙකිස්තානයට එරෙහිව ගෝල 10ට 0ක් ලෙස ජයග්‍රහණයක් ලබා ගනිමින් තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.
මිෂෙල් හේමන් පළමු මිනිත්තු 16 තුළ ගෝල ත්‍රිත්වයක් සමඟින් මැටිල්ඩාස් වෙත සාර්ථක ආරම්භයක් ලබා ගැනීම කාගේත් පැසසුමට ලක්වුණා.

මේ අතර ටෝකියෝ හි පැවති තරගාවලියේදී ජපානය, උතුරු කොරියාව ගෝල 2ට එකක් ලෙස පරාජය කරමින් මෙවර තරගාවලිය සඳහා සුදුසුමක් ලැබුවා.
ඒ අනුව පැරිසියේ පැවැත්වෙන සමර් ඔලිම්පික් උළෙලේදී කණ්ඩායම් 12 කින් සමන්විත කාන්තා තරගය සඳහා තම ස්ථාන තහවුරු කරගත් නවතම රටවල් ලෙස ඔස්ට්‍රේලියාව සහ ජපානය එක්වුණා.