උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

ඔහු අද ය සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානයක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

2023 වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහුගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී නාඳුනන තුවක්කුකරුවන් විසින් ඔහුගේ වාහනයට වෙඩි තැබීමේ සිදුවීමක් ද වාර්තා වුණා.

උද්දික ප්‍රේමරත්න 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරඟ කර පාර්ලිමේන්තුවට පිවිස තිබෙනවා.

මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකු වන උද්දික ප්‍රේමරත්න පසුගිය වසරේ සිට ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරමින් සිටියා.

තරුණ නායකයෙකු ලෙස වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් තමන් දේශපාලන කරළියට පැමිණි බයි වයි උද්දික ප්‍රේමරත්න සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් පසුගිය වසර කිහිපය තුළ ඒ සඳහා අවස්ථාව නොලැබුණු බැවින් තනි පුද්ගලයෙකු ලෙස තම කටයුතු ඉදිරියට ගෙන යාම දුෂ්කර බව ඔහු සඳහන් කර තිබෙනවා.

එම හේතු සඳහන් කරමින් උද්දික ප්‍රේමරත්න පවසන්නේ තමන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »