Search

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

නීල් වැග්නර් ඔස්ට්‍රේලියාවට එරෙහිව එළඹෙන බ්‍රහස්පතින්දා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට තෝරා නොගන්නා බවට නවසීලන්ත තේරීම් කමිටුව ප්‍රකාශ කිරීමෙන් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

37 හැවිරිදි වැග්නර් මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය සතියේ පුහුණුකරු ගැරී ස්ටෙඩ් සමඟ පැවති දැඩි සංවාදයකින් ද අනතුරුවයි.

ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහි තරඟාවලිය සඳහා නවසීලන්තයේ හොඳම 11 දෙනා අතර නොසිටින බව ප්‍රකාශ වී තිබුණා.

අද වෙලින්ටන්හි බේසින් රිසර්ව්හි පැවති මාධ්‍ය හමුවකදී නීල් වැග්නර් විශ්‍රාම ගැනීම නිවේදනය කරමින් කියා සිටියේ
නවකයන්ට ද අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බවයි.

දකුණු අප්‍රිකාවේ ඉපිද නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 64කට ක්‍රීඩා කර ඇති වැග්නර් විශ්‍රාම යන්නේ ටෙස්ට් කඩුලු 260ක් ද සිය නම ඉදිරියේ සටහන් කර ගනිමින්.

වැග්නර් තවදුරටත් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන අතර ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් ඉවත් වීමට කාලය පැමිණ ඇති බවයි කියාසිටියේ.

ඒ අනුව පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව හැමිල්ටන්හිදී පැවති ටෙස්ට් තරඟාවලිය වැග්නර්ගේ අවසන් ටෙස්ට් තරඟය බවට පත් වනවා.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »