අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළට!
ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඊයේ (20) දිනයේ දී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 192.85 ක් හා විකුණුම් මිල රු. 198.26 ක් ලෙස සටහන් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බවයි මුදල් වෙළෙඳපොළේ නවතම දත්ත අනුව පෙනී යන්නේ.
දිගින් දිගටම මෙලෙස ඩොලරයේ රුපියල් අගය ඉහළ යාමට හේතුව ආනයන සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම බව 19 වන දින පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර අදහස් දක්වමින් කියා සිටියේ ඩොලරයේ අගය ඉහළයාම සම්බන්ධයෙන් බැංකු සමඟ කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේ දී පීඩනය යම් මට්ටමකින් සමනයවනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.